අපේ කිරින්දේ ධම්මානන්ද හාමුදුරුවෝ …

මාටින් ගමගේ නම් පිංවත් කුමරුවෙක් 1919 වසරේ මාර්තු 19 වන දා මාතර කිරින්දේදී උපත ලැබීය. උපතින් වසර දොලහකින් මහණ බවට පත්වෙමින් 1931 වසරේ කිරින්දේ සිරි ධම්මානන්ද නමින් පැවිදි බිමට පිවිසි සේක. ඉන් වසර අටක් ඇවෑමෙන්1940 වර්ෂයේදී පැවැදි උපසම්පදාව ලද ධම්මානන්ද අපේ හාමුදුරුවෝ ඉනුදු වසර දොළහකින් මලයාසියාවට වැඩමකල සේක.
මලයාසියාවට වැඩමකල උන්වහන්සේට සිය සංසාරගත හැකියාවන් තවදුරටත් ඔප්නංවමින් සිංගප්පූරැව හා මලයාසියාව යන දෙරටෙහිම ථේරවාද බුදුදහමේ මහා පඩිරැවන බවට පත්වීමට ගතවූයේ ඉතාම කෙටිකාලයකි. උන්වහන්සේ විසින් රචිත බොදු පොත්පත් විශාල වශයෙන් කියවීමට ලක්වූ අතර දකුණු ආසියාව සහ අනිකුත් රටවල ඉංග්‍රීසි බස භාවිතාකරන්නන් අතිශයින් ජනප්‍රිය උනා.

අධ්‍යාපනය
අපේ ධම්මානන්ද හාමුදුරුවෝ පැවිදි බිමට ඇතුලත්වීමෙන් පසු මුලින්ම අධාපනය සදහා ඇතුලත් උනේ රත්මලානේ සිරි ධම්මාරාම පිරිවෙනටයි. ඒ 1935දීයි. එසේම 1937 දී බුදුහිමියන්ගේ ඉගැන්වීම් පිළිබද වැඩිදුර අධ්‍යාපනය සදහා විද්‍යාරත්න බෞද්ධ ආයතනයට ඇතුලත් උනා. ධම්මාලෝක හිමියන්ගේ ගුරැපියාණන් වහන්සේ වූයේ කොටවිල දීපානන්ද නායක හාමුදුරුවෝය. 1938 දී ඉගෙනීම අවසන් කල අපේ කථානායකය‍ාණෝ 1938 දී කැළණිය පෑලියගොඩ විදළුාලංකාර පිරිවෙනට ඇතුලත් වී වැඩිදුර අධ්‍යාපනය ලබාගත් සේක. ඉන්පසු ඉදිරි වසර හත තුල ඩිප්ලෝමා පාඨමාලාවකට විද්‍යාලංකාර පිරිවෙනට යලි ඇතුලත් වූ ධම්මානන්ද හාමුදුරුවෝ සංස්කෘත, පාලි ත්‍රිපිටකය හා බෞද්ධ දර්ශන විද්‍යාව පිළිබදව මෙන්ම අනෙකුත් විෂයයන් කිහිපයක්ද ‍හැදෑරූ සේක. මෙහිදී උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූයේ ලුණුපොකුනේ සිරි ධම්මානන්ද හිමියන් ඇතුලු විශාරද භික්ෂූන්වහන්සේලායි. අවුරුදු 26 වනවිට ධම්මානන්ද හිමියෝ සාර්ථක ලෙස භාෂා ශාත්‍රය හා ඩිප්ලෝමා උපාධිය සම්පූර්ණ කල සේක.
වසර හතක දැඩි උත්සාහයෙන් ධර්ම විනය පිළිබද ඉහල දැනුමක් ලද උන් වහන්සේ සිය මහා දැනුම් සම්භාරය අර්ථාන්විත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට තීරණය කලා. ඒ බෞද්ධ ධර්ම දූත සේවාවයි. ලංකාව තුල ධර්මදූත සේවාව ආරමභකල උන්වහන්සේ විශේෂයෙන්ම ඉලක්කකොට ගත්තේ ඉංග්‍රීසි අධ්‍යාපනය අති විශේයෙන්ම අන්‍යාගමිකකරණයට හසු වූ ජනතාවයි.


1945 දී ඉන්දියාවේ බාරණසී හින්දු විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලබා සිය තෘතීය අධ්‍යාපනය ආරම්භකල අපේ ධම්මානන්ද හිමිපාණෝ එහිදී සංස්කෘත, හින්දු සහ ඉන්දියානු දර්ශන විද්‍යාව පිළිබද මනා දැනුමක් ලබාගත්හ. පූජ්‍ය පී.පඤ්ඤානන්ද මහනාහිමි, පූජ්‍ය සද්ධාතිස්ස මහනාහිමි (පසුව ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති) පූජ්‍ය ධම්මරතන හිමි( පසුව ආචාර්ය පූජ්‍ය අමිතානන්ද හිමි – නේපාලයේ හිටපු ප්‍රධාන සංඝනායක ) යන සංඝ පීතෘවරයන් වහන්සේලා අපේ ධම්මානන්ද හිමියන්ගේ හින්දු විශ්ව විද්‍යාලීය සමකාලීනයන් උනා. 1949දී වසර හතරක අධ්‍යන කටයුතු අවසානයේ දර්ශන විද්‍යාව පිළිබද උපාධිය ඉහලින්ම සමත් වෙමින් අප රටට ඉහල ගෞරවයක් හිමිකර දීමට ධම්මානන්ද හිමියන් සමත් උනා. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු උන්වහන්සේ නැවතත් ලංකාවට වැඩම කලා. උක්වහන්සේ කොටවිල ප්‍රදේශයේ සුධර්ම නමින් බෞද්ධ ආයතනයක් ආරම්භකල අතර ඒය ප්‍රදේශවාසීන්ට සිය කටයුතු ඉටුකරගැනීමට මහත් රුකුලක් උනා. උන්වහන්සේ සුධර්ම නමින් ත්‍රෛයිමාසික සගරාවක්ද ආරම්භ කලා. උන්වහන්සේ සිය උපාසක උපාසිකාවන්ට නිවැරදිව හා ක්‍රමවත්ව බුදුදහම උගන්වමින් ඔවුන්ගේ දැනුම වර්ෂනය කලා. වර්ෂ 1952 දී විද්‍යාලංකාර පිරිවෙනාධිපති පූජ්‍ය පඤ්ඤාසාර හිමියන් හට මැලේසියානු රාජ්‍ය‍ෙය් වෙසෙන සිංහලයන් විසින් අරඹන ලද ශාසන අභිවෘද්ධිවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කිරීමටත් ආගමික අවශ්‍යතා ඉටු කරගැනීමටත් හිමිනමක් ලබාදෙන ලෙස ආරාධනාවක් ලැබුනා. පැවිදි උතුමන් 400ක් අතරින් අප කථානායකයානෝ නිතරගයෙන් ධර්මදූත මෙහෙවර සදහා එම අවස්ථාවට පත්වුනා. උන්වහන්සේ ඉතා කැමැත්තෙන් එය බාරගතත් සිය ජන්ම භූමිය වෙනුවෙන්ද යමක් සිදුකල යුතු බව වටහා ගත්තා.
මලයාසියාවේ එවකට පැවතුනේ ඉතාම සුලු ථේරවාදී පන්සල් ප්‍රමාණයක් සහ උපාසක උපාසිකාවන් ප්‍රමාණයක් පමණයි. ඒ වෙනුවට තායි සහ චීන පන්සල් විශාල ප්‍රමාණයක් පැවතුනා. උවසු උවැසියන්ට නිරන්තරයෙන් එම පන්සල්වල ධර්ම දේශනා සහ පිරිත් ඇසීමට පැමිණෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් උනා. මෙවන් වකවානුවක් තුල ශ්‍රී ධම්මානන්ද මාහිමිපාණෝ 1952 ජනවාරි ‍02 වැනි දින මලයාසියාව බලා නැව් නැග්ගා. දින තුනක දීර්ඝ ගමනකින් පසු උන්වහන්සේ මලයාසියාවට සැපත් උනා. උන්වහන්සේට නවාතැන් ලැබුනේ මහින්දාරාම විහාරස්ථානයේයි. එවකට විහිරාධිපතිව වැඩවිසූ පූජ්‍ය ගුණරතන මහනායක හිමිපානෝ අප ධම්මානන්ද හිමියන්ගේ සිල්වත් බවත් ඉතා පහසුවෙන් තේරුම්ගත හැකිවන පරිදි ධර්මය දේශනාකිරීමේ හැකියාවත් හොදින් අවබෝධකරගෙන සිටියා. අප ධම්මානන්ද හිමියන් උක්වහන්සේ සමග ධර්ම ප්‍රචාරණයේදි මතුවිය හැකි ගැටලු පිළිබද සාකච්චා කලා.
1950 වනවිට මලයාසියාව මධ්‍යම ආර්ථික තත්වයක් හිමිකරගෙන සිටි අතර බ්‍රිතාන්‍ය පාලනයක් පැව වකවානුවක් නිසා කොමියුනිස්ට් කැරලි මතුවෙන්න පටන් අරන් තිබුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්වාලාලම්පූර් නගරයේ ගැටුම් ඇතිවූ අතර දුම්රිය සේවයන් පවා අඩාල උනා. මේ ගැටුම් මැද ඇති වූ ‍අනෙකුත් ගැටලු නිසා ලංකාවට නැවත වැඩි ධම්මානන්ද හාමුදුරුවො නැවතත් 1952දී මලයාසියාව බලා පිටත් උනා. ඉන්පසු ශාසන අභිවෘද්ධිවර්ධන සමිතියෙහි වැඩකටයුතු ඇරඹූ උන්වහන්සේ උන්වහන්සේ ඉංග්‍රීසි මාධ්‍යය යොදාගනිමින් චීන හා මලයානුවන් අතරට ධර්මය ගලගන ගියා. මේ අයුරින් උන්වහන්සේ 1962 වසරේ දී Buddhist Missionary Society (BMS) (බෞද්ධ ධර්මදූත සංසදය) ආරම්භ කලා. එය විශාල ප්‍රබෝධයක් ඇතිකරමින් බුදුදහම ප්‍රචලිත කිරීමට උපකාර වූ අතර ඒ ඔස්සේ දේශන, ධර්ම සාකච්ඡා, තරුණ නායකත්ව වැඩසටහන්, සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක උනා. මේ බෞද්ධ ධර්මදූත සංසදය මගින් පහත අභිමතාර්තයන් හා අරමුණ ක්‍රියාවට නැංවුනා.

1. බුදුදහම අධ්‍යනය කිරීම හා ව්‍යාප්ත කිරීම
2. බුදුහිමියන්ගේ ඉගැන්වීම් ඔස්සේ දයාව කරුණාව මිනිසුන් අතර පුහුණු කිරීම, හා ඒවෙනුවෙන් උනන්දු කිරීම.
3. ධර්ම දේශනා සෑම ප්‍රදේශයකටම රැගෙන යාම
4. එම දේශනා මුද්‍රණය කොට බෙදා හැරීම
5. බෞද්ධ පාසැල් සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදීම
6. ලෙඩදුක් වලදී හා මරණවලදී මානසික සහනය ලබාදීම ආදී කටයුතු කිරීම

වර්තමාන බෞද්ධ මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹි බෞද්ධ ධර්මදූත සංසදය ඉතාමත් වේගයෙන් මිනිසුන් අතර පැතිර ගියා. ධම්මානන්ද යතිවරයාණෝ විසින් විරචිත පොත්පත් ඉතා වේගයෙන් දන මන හදවත් සනසාලමින් පැතිරී ගියා. බොහොමයක් ප්‍රකාශන නොමිලයේ ලබාදුන් අතර අනෙක් ප්‍රකාශනයන් ඉතාම අවම මිලකට මිනිසුන් අතර පැතිර ගියා. උන්වහන්සේ විසින් 1979 දී “Buddhism for You” ( ඔබට බුදුදහම)නමින් නව ආකාරයක ව්‍යාපෘති පාඨමාලාවක් දියත් කරමින් බොහෝ තරැණ පිරිස් අතරට බුදු දහම ගෙන යෑමට කටයුතු කලා.
බෞද්ධ ධර්මදූත සංසදයේ වැඩකටයුතු තරුණ පිරිස් වෙත පවරමින් බොහෝ තරුණ පිරිස් අතර අමාදම් වැසි වැස්සවූවා. මේ අයුරින් බෞද්ධ ධර්මදූත සංසදය නවයොවුන් තරුණ පිරිස් අතරේ සිට වයස අවුරුදු 40ට අඩු පිරිස් දක්වා පතුරුවමින් “Buddhism for Beginners” (නවකයන්ට බුදු දහම) ලෙසින් නව ව්‍යාපාරක් ආරම්භ කලා. BMS Ladies Section (බෞද්ධ ධර්මදූත කාන්තා සංසදය ) ආරම්භ කලා. එසේම “The Voice of Buddhism” ( බොදු හඩ) නමින් නව සගරාවක් ඇරඹි අතර එය අදවනවිට වසර 33ක් තිස්සේ මුද්‍රණය වෙමින් බොදු ජන හදවත් අමාදහරින් තෙත්කරවන්නේ ශ්‍රී ධම්මානන්ද සදාදරණීය යතිවරයානන්ගේ ශ්‍රී නාමයට උපහාර දක්වමින්.
මේ යතිවරයාණන් වහන්සේ විසින් ආසන්න වශයෙන් පොත් 60කට වඩා වැඩි ගණනක් මෙන්ම, කුඩාපොත් පත් 700කට වැඩි ගණනක් රචනා කලේ මේ සියලු වැඩකටයුතු මධ්‍යයේ සිටයි.
මේ අයුරින් වසර හැත්තෑපහක් මුලුල්ලේ ලෝවැසි දනන් වෙත අමාදම් සිසිලස බෙදා වදාල මේ මහා යතිවරයාණෝ වසර 87ක් ආයුවළදා 2006 අගෝස්තු 31 වැනි දින මේ භවයට සමුදෙමින් යලි දෙව්ලොවට වැඩිසේක. උන්වහන්සේගේ හුස්මපොද වාතලයට මුසුවන මොහොතේ දස දෙසින් මංගල ලකුණු පහලවිය. ප්‍රභාමත් අලෝක ධාරාවෝ මෙන්ම රැස් මඩල පරිසරය පුරා විහිදෙන්නට විය. සිහින් මල්වැසි වටෙමින් පරිසරය සිහිල් වූ අතර අහස පුරා දේදුනු පායනු දක්නට ලැබුණි. ඒ මේ මහා යතිවරයාණෝ යලි දෙව්ලොව වැඩි බවට ලෝවැසි දනට පරිසරයෙන් ගෙන ආ පිණිවිඩයකි.

වැලි චෛත්‍යයක් සාදා මල්පූජාකර දෙව්ලොව ගිය ගොපලු දරුවාගේ කතාව ...
මහසෙන් රජතුමා ඉදි කළ ලොව විශාලතම දාගැබ ගැන ඔබ දන්නවාද ?
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.