අධික කාමයෙන් බැදී ආධ්‍යාත්මය අමතක කල මිනිසුන්ට සොභා දහම දුන් පාඩම පණ පිටින් වැළලුන පොම්පෙයි නගරය.

පින්වත් වාලුවනේ අද කාමයට තියෙන්නෙ හරිම ඉල්ලුමක්. ඉස්සර වැඩිපුරම කාමුකත්වයට නැඹුරු උනේ පිරිමිය පමණයි. අද කාන්තාව කාමයට නැඹුරු වෙලා. නිරුවත පෙන්නන්න පුදුම උණක් තියෙන්නෙ. ඒ ගැන කථා කරද්දි මරාගන්න එනව. කුණුවෙලා යන සිරු‍තෙියෙන අනියත බව එයාල දන්නෙ නෑ. පුලුවන් තරම් කොටට අදල හෙලුව පෙන්න ගන්න පුදුම ආශාවක් කියෙන්නෙ. මේ අයට කාන්තාවො කියන්න බෑ. මමනම් කියන්නෙ ගෑණු භාග කියල. ඒවට ඉන්නව පිරිමා භාාගක ටිකකුත්. හරි ආසයි ගෑණු භාග දිහා බලන් ඉදල ආතල් ගන්න. ලිංගිකත්වයේ අනියත බව කියද්දි මගෙන් අහනව මම සමලිංගිකයෙක්ද කියල? බුදුහාමුදුරුවොත් ලිංගික නැතිනම් කාම භොගී ජීවිත්යේ අනියත බව දේශනා කලානෙ. අබ්‍රහ්මචරියාව උතුම්ම ශීලයක් විදිහට දේශනා කලා. දැන් බුදු හාමුදුරුවොත් සම ලංගිකයෙක්ද? මේව තේරුම් ගන්න පිරිසිදු මනසක් නෑ. අර පෙරේතයො ජාතියක් ඉන්නවලු සෙම සොටු කාල ජීවත්වෙන. ගෑණු ළමයින්ගෙ යටඇදුම්වල ජරාව කාල ජීවත්වෙන ජාතියකුත් ඉන්නව. මමනම් දකින්නෙ ඔය ලිංගිකත්වය මහ ඉහලින් අගය කරන පිරිමි භාගත් අන්න ඒ පෙරේතයො වගේ ජාතියක්.
කොහොම උනත් මම මේ කියන්න යන්නෙ ගෙදරක්ම හැම මන්දිරයක්ම කාමයට සහ රාගයට මුල්තැන දෙමින් කන බොන නටන, වයන, දුරාචාරයේ සල්ලාලයේ යෙදුන පොම්පේයි නගරයට නගරයට වෙච්ච දේ. එයාල නිතරම සල්ලාලකමට මුල්තැන දුන්න. ආධ්‍යාත්මයක් ගැන හිතුවෙ නෑ. අන්තිමට පණ පිටින් ලාවා ගොඩක වලලෙන්න සිදු උනා. මම පෙන්නල තියෙන පින්තූරයෙ තියෙන්නෙ ලිංගික ආශ්වාදය ලබද්දි මිය ගිය යුවලක්. මේ දැක්වෙන්නෙ පොම්පෙයි නගරය ගැන දිණමින පත්තරේ පලවෙච්ච ලිපියක්.

පොම්පෙයි නෂ්ටාවශේෂ ළඟ ඔබේ කඳුළ ද තබන්න
**********************************
එක්දහස් නවසිය හැට ගණන්වල හොලිවුඩ් චිත්‍රපට සමාගමක් විසින් නිෂ්පාදනය කළ “The last days of pompai” නම් චිත්‍රපටය ඔබට නරඹන්නට ලැබුණා නම්…

එඩ්වඩ් මුල්වර් ලීටන් නම් ලේඛකයා, ඉතාලියේ නාපෝලි ප්‍රාන්තයේ පිහිටි පොම්පේයි නගරයේ සිදුවුණ අති දැවැන්ත ඛේදවාචකය මුල් කරගෙන ලියූ නවකතාව ඔබට කියවන්නට ලැබුණා නම්…

නොඑසේම, ඒ නවකතාව ආශ්‍රයෙන් 1970 දී අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලට පරිවර්තනය කළ “දේවශාපය” නම් කෘතිය ඔබට කියවන්නට ලැබුණා නම්…

ඉතාලියේ පොම්පේයි නගරයේ සිදුවූ මෙම මහා විපත පිළිබඳ ඔබ අදටත් කඳුළු සලනු ඇත.

අර්ථයක් නැති ජීවිත පිළිබඳ අප කම්පාවට පත් වෙද්දී, ජීවිතයේ අවසාන අර්ථය මේ යැයි ලොවට පෙන්වා දුන් ඒ මහා ඛේදවාචකයේ ඉතිරිව තිබෙන නටබුන් ඉතාලියේ සංචාරයකට යන ඔබට අදත් දැකගත හැකිවනු ඇත.

පොම්පේයි නගරය පුරාම ඇත්තේ මේ විපතේදී විසූවියස් කන්දේ ලාවාවලින් මියැදුණු මිනිසුන්ගේ ශෝකාලාපයයි. ඔවුන්ගේ නිහඬ කඳුළයි.

ප්‍රාර්ථනය කරන්න. දෑඟිලි බැඳ ඔබේ ළය මත තබාගන්න. යාච්ඤා කරන්න. අමු අමුවේ මිය ගිය මේ මිනිසුන් වෙනුවෙන්.

කඳුළක් හෙළන්න…

මම ඔබෙන් ඉල්ලන්නේ එක් කඳුළකි. ඔබ, කඳුළු ප්‍රවාහයක් මට දෙන්නට සූදානම්ව සිටී.

ඔබේ ඒ කඳුළු ප්‍රවාහය වෙනුවෙන් මම මේ සටහන ලියමි. අපි එහි සුලමුල සොයා යමු.

ඉතාලියේ නාපෝලි නගරයේ සිට කිලෝමීටර් පහළොවකට පමණ ඈතින් පොම්පේයි නගරය පිහිටා ඇත. එහි ආරම්භය ක්‍රි. ව. 8 දී පමණ සිදුව ඇති බව කියති. ගී‍්‍රකයෙක් වූ හෙරක්ලීස් පොම්පේයි නගරයේ නිමැවුම්කරුවාය. පසුව මෙම රාජ්‍යය රෝමවරුන්ට අයිති විය.

රෝමවරු කවදත් විනෝදයට බර ජාතියක් ලෙස හංවඩු ගැසී ඇත. විසිතුරු අලංකාර මන්දිර උස් වූ ගොඩනැගිලි පමණක් නොව හැම වීදියකම නර්තන ශාලාය. බීම හල්ය. අවන්හල් පමණක් නොව නගර ශෝබනියන්ගෙන් පිරුණු ඔවුන්ටම වෙන්කර ඇති මන්දිරවල සෞන්දර්ය රහසේ විකිණෙති.

දුක්බර කිසිදු දෙයක් දක්නට නැත.

මැණික්, දියමන්ති, රිදී, රත්තරන්වලින් පිරි හැම ගෙදරක්ම හැම මන්දිරයක්ම කාමයට සහ රාගයට මුල්තැන දෙමින් කන බොන නටන, වයන, දුරාචාරයේ සල්ලාලයේ යෙදෙන පොම්පේයි නගරයට හැම තත්ත්පරයක්ම සතුටකි. අවිනීත තෘප්තියකි.

ක්‍රි. ව. 63 දී භයානක භූමිකම්පාවක් ඇති වී පොම්පේයි නගරයේ ගොඩනැගිලි සහ මන්දිර කැඩී බිඳී ගොස් මිනිස් ජීවිත ගණනාවක්ම විනාශයට පත් වූ නමුදු එයින් ද නොසැලුණු පොම්පේයි මිනිසුන්, ගරා වැටී ගිය නගරය යළිදු සකස් කර පෙර පරිදිම කාමභෝගීව හැසිරුණහ.

දේව කෝපයක් නිසා එම භූමිකම්පාව ඇතිවිණැයි සැලකිල්ලට ගන්නට ඔව්හු මැලි වූහ.

තවත් කලක් ගත විය.

ඒ ක්‍රි. ව. 79 යි.

විසූවියස් ගිනි කන්ද පිහිටා තිබෙන්නේ පොම්පේයි නගරයට බෙහෙවින්ම ආසන්නවය. පොම්පේයි හි එක පැත්තක් විසූවියස් පාමුල තිබෙන අතර, නාපෝලි ප්‍රාන්තය වැසී තිබෙන්නේ ද විසූවියස් ගිනි කන්දෙනි.

පිදුරුතලාගල කන්ද ගිලා බසිතැයි ඔබ අදහන්නේද?

නැත.

බහිරව කන්ද නාය යතැයි ඔබ අදහන්නේද…?

නැත.

එලෙසින්ම විසූවියස් කන්ද ද පුපුරා යතැයි කිසිවෙකු නොඇදහූහ. එහෙත්… එය එසේ සිදුවිය. පොම්පේයි නගරයේ වැසියන්ගේ කාමාපචාර ජීවිත නිසා කෝප වූ දෙවියෝ විසුවියස් ගිනි කන්ද පුපුරා හෙලූහ.

හෙණ හඬ නම් කිමෙක්ද? මේ, ලෝකයක අඩක් බිඳී පුපුරා කඩා හැලෙන මහත් වූ භයංකර හඬකින් මුළු කන්දම ගිනිගෙන දැවෙන්නට විය. ගිනි ගත් විසූවියස් පිට කළ අකුණු විදුලි සැරවලින් මුළු මහත් ප්‍රදේශයම හෙල්ලුම් කෑවේය. ලාවා ගලා ගියේ මහත් වූ දුර්ගන්ධයකිනි. ප්‍රාණය තිබෙන කාට වුව ද එම දුර්ගන්ධය හුස්ම හිරකරවන්නකි. පොම්පියා නගරය හරහා ගලා ගිය ලාවා ධාරාව ගස්වැල්, මිනිසුන්, සතා සීපාවා පමණක් නොව මහා මන්දිර, අහසට යාවූ ගොඩනැගිලි ආදී සියල්ලම යට කරගෙන ගලා ගියේය.

පොම්පියා නගරය එකම ගින්නක් බවට පත් විය.

අහසට විසිවෙන ගිනිබෝල ආපසු පොම්පියාවල පතිත වන්නේ හෙණ හඬ වැනි මහා හඬවල් නංවාගෙනය.

මේ විනාශය පොම්පියා නගරයම ගිනි තැබුවේය. මිනිසුන්. සතා සීපාවුන් මිය ගියේ ඔවුන් සිටි ඒ ඒ ඉරියව් වලින්මය. සැනින් එසැනින් සිදුවූ මේ මහා ඛේදවාචකය මිනිසුන් දහ පහළොස්දාහක් පමණ බිලිගත් බව කියති. පොම්පියාවේ එවේලෙහි සිටි හැම කෙනෙක්ම ලාවා වලින් වැසී ගියේය.

එහෙත්, පොම්පියාවෙන් බැහැරව ගොස් සිටි අය පමණක් මේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් බව පැවසේ.

අදටත් එහි තිබෙන්නේ තැන තැන වැටී ලාවාවලින් වැසී ගිය ගල් රූප බවට පත්ව ඇති මළ මිනී ය. එකට බදාගෙන මරු වැළඳගත් අය මෙන්ම ගෙවල් තුළ දී මිය ගිය අයගේ මළමිනී වල නෂ්ටාවශේෂ ද ඉතිරිව ඇත. ලෝ දිය අළු හුණුවලින් වැසී පිළිස්සී ගිය හෙයින් මෙම මළමිනී අවුරුදු දහස් ගණනක් වුවත් සංරක්‍ෂිතව පැවතෙන බව ද පැවසේ.

ඔබ හිතන්න,

ගිනිකූරකින් පිළිස්සෙන විට දී පමණක් නොව ඉතා කුඩා ගිනි අළු කැබැල්ලක් වුව අපේ සිරුරේ පතිත වෙද්දී අපට දැනෙන වේදනාව පිළිබඳ.

මිනිසෙක් පණපිටින් ලාවාවලින් මුළු සිරුරම ඇලී පිළිස්සෙද්දී ඔවුන්ට කුමන අන්දමේ වේදනාවක් දැනෙන්නට ඇතිද?

ඔවුන් නැඟූ විලාප හඬ අසනි හඬ පරදවන්නට ඇත.

ඔබ ඉතාලියට ගොස් නාපෝලි ප්‍රාන්තයේ පොම්පියා නගරයේ නෂ්ටාවශේෂයන් බලන්නට යන්නේ නම්, ඔබට කළ හැකි එක් දෙයක් ඇත.

මේ සටහන ලියන මගේ කඳුළ ද ඔවුන්ගේ ගල් රූ ඉදිරියේ තබා, සසර වසනා තුරු යළි මෙවන් දුක් වේදනාවක් උරුම නොවේවායි මා ප්‍රාර්ථනා කළ බව ඔවුන්ට පවසන්න.

උපුටා ගැනීම – දිවයින ඇසුරිනි

මම සත්කෙරේ මෙත් සිතැති එරන්ද ලක්මාල්ද සිල්වා

 

ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් ඛදිරවනිය රේවත මහා ශ්‍රාවකයන් වහන්සේ
ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ ....
IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.